LibreOffice 7.6 Help
ලියුම් කවරයක් නිර්මාණය කරයි. ඔබට ටැබ පිටු තුනක, ලිපින හා යවන්නා, ලිපින සඳහා ස්ථානය හා ආකෘතිය, ලියුම් කවරයේ ප්‍රමාණය, ලියුම් කවරයේ දිශානතිය සඳහන් කල යුතුය.
නව ලේඛනයක් නිර්මාණය කර ලියුම් කවරයක් ඇතුලත් කරයි.
ලේඛනයේ පවතින පිටුවට පෙර ලියුම් කවරය ඇතුලත් කරයි. ලියුම් කවරය ලියුම් කවර මෝස්තරයෙන් ආකෘතිකරණය කර ඇත.
දැනට පවතින පිටුව කිරීමට ලියුම් කවර පිටුව තුලට ක්ලික් කරන්න.
තත්ව පේළියේ "ලියුම් කවරය" ලෙස දර්ශනය වෙන ක්ෂේත්‍රය මත දකුණු ක්ලික් කරන්න.
පිටු මෝස්තර කිහිපයක් පෙන්වමින් උපමෙනුවක් විවෘත වේ.
උපමෙනුවෙන් "පෙරනිමි" පිටු මෝස්තරය තෝරන්න.
මෙය විශේෂ "ලියුම් කවර" පිටු ආකෘතිය ඉවත් කරයි.
යවන්නා හා ලබන්නා සඳහා ඇති රාමු ඉවත් කරන්න. එක් එක් රාමුවේ සීමාව මත ක්ලික් කර Del යතුර ඔබන්න.