LibreOffice Math විශේෂාංග

මෙම කොටස LibreOffice Math විසින් පිරිනමන ලබන සමහරක් වැදගත් ශ්‍රිත සහ හැකියාවන් පිළිබඳ දළ විශ්ලේෂණයකින් සමන්විතය.

LibreOffice Math විසින් ඔබට සූත්‍ර නිර්මාණයේදී සහාය දැක්වීමට සංඛ්‍යාක කර්ම, ශ්‍රිත සහ සැකසීමේ උපකාරක ආදිය සපයයි. මෙම සියල්ල තෝරාගැනීමේ කවුළුවේ ලැයිස්තුගතකර ඇති අතර, වස්තුව ඔබගේ ක්‍රියාකාරකමට ඇතුලත් කරගැනීම සඳහා සිදුකළ යුත්තේ ඔබට අවැසි අංගය මූසිකය ක්ලික් මගින් කිරීමයි. සවිස්තරාත්මක යොමු ලැයිස්තුවක් මෙන්ම සංඛ්‍යාංක නියැදිද උදව්හි අන්තර්ගත කර ඇත.

සූත්‍රයක් නිර්මාණය කරන්න

වගු සහ පින්තූර මෙන්ම, සූත්‍රද නිර්මාණය වන්නේ ලේඛනය තුල වස්තූන් ලෙසය. ලේඛනයත් තුලට සූත්‍රයක් ඇතුලත් කිරීම LibreOffice Math විසින් ස්වයංක්‍රීයව ආරම්භ කරනු ලබයි. ඔබට සූත්‍රය සෑදීම, සංස්කරණය සහ හැඩතලය කිරීම විශාල සංඛ්‍යාවක් වූ පෙර නිර්වචනය කළ සංකේත හා ශ්‍රිත මගින් කළ හැක.

සූත්‍රයක් සෘජුවම යතුරුකරණය කරන්න

ඔබ LibreOffice Math භාෂාව සමඟ සමීපනම්, ඔබට සූත්‍රයක් සෘජුවම ලේඛනය තුලට යතුරුකරණය කළ හැකිය. උදාහරණයක් ලෙස, ඉන්පසු මෙම සූත්‍රය පෙළ ලේඛනයකට යතුරුකරණය කරන්න: "a sup 2 + b sup 2 = c sup 2". ඇතුලත් කරන්න - වස්තුව - සූත්‍රය. එවිට පෙළ හැඩතලය වූ සූත්‍රයක් බවට පෙරලෙයි.

note

LibreOffice Math හිදී සූත්‍ර ගණනයන් සිදුකල නොහැක. ඒ එය සූත්‍ර සංස්කාරකයක් (සූත්‍ර ලිවීම සහ පෙන්වීම සඳහා) මිස ගණක වැඩසටහනක් නොවන බැවිනි. සූත්‍ර ගණනය කිරීම සඳහා පැතිරුම්පත් භාවිතා කරන්න, එසේත් නැතිනම් සරල ගණනයන් සඳහා පෙළ ලේඛන ගණන ශ්‍රිත භාවිතා කරන්න.


විධාන කවුළුවේදී සූත්‍රයක් සාදන්න

සූත්‍ර ඇතුලත් කිරීම හා සංස්කරණය කිරීම සඳහා LibreOffice Math විධාන කවුළුව භාවිතා කරන්න. ඔබ විධාන කවුළුවෙන් ඇතුලත් කිරීමක් කල සැනින්ම, ප්‍රතිඵලය ලේඛනයේ දැකගත හැක.

තනි සංකේත

ඔබට ඔබේම සංකේත තැනීමට සහ වෙනත් ෆොන්ට් වලින් අනුලකුණු ආයත කල හැක. ඔබට අලුත් සංකේත LibreOffice ගණිත සංකේත මූලික නාමාවලියට එක් කිරිමට හෝ ඔබේම විශේෂ නාමාවලිය තැනිය හැක. විශේෂ සංඛයාත්මක අනුලකුණුද යෙදිය හැක

සන්දර්භයන්හි සූත්‍ර

To make working with formulas easier, use the context menus, which can be called up with a right mouse click. This applies especially to the Commands window. This context menu contains all the commands that are found in the Elements pane, and also operators, and so on, which can be inserted into your formula by mouse-click without having to key them into the Commands window.

Please support us!