LibreOffice Calc විශේෂාංග

LibreOffice Calc යනු ඔබේ දත්ත ගණනය කීරීමට, විශ්ලේෂණය කිරීමට සහ කළමණාකරණය කිරීමට යොදා ගත හැකි පැතුරුම්පත් යෙදුමකි. එමෙන්ම ඔබට Microsoft Exel පැතුරුම්පත් ආයාත කර වෙනස්කම් කිරීමටද මෙමගින් හැකියාව ඇත.

ගණනය කිරීම්

LibreOffice Calc ඔබට සංඛ්‍යාන ශ්‍රිත සහ බැංකු ශ්‍රිත අතුළු ශ්‍රිත සපයයි. එමගින් ඔබට ඔබේ දත්ත වල සංකීර්ණ ගණනය කිරීම් සඳහා යොදා ගත හැකි සූත්‍ර සාදා ගත හැකිය.

එමෙන්ම ඔබට ඔබේ සූත්‍ර සාදා ගැනීම සඳහා උදව් ලබාගැනීමටශ්‍රිත විශාරද යොදා ගත හැකිය.

කවර-නම් ගණනය කිරීම්

ප්‍රයෝජනවත් විශේෂාංගයක් වන්නේ සාධක කීපයකින් සමන්විත ගණනය කිරීමක එක් සාධකයකට පමණක් වෙනස් කමක් සිදු කළ විට එසැණින්ම පිළිතුර දැක බලාගත හැකි වීමය. උදාහරණයක් වශයෙන් ණය ගණනය කිරීමක කාල පරිච්ඡේදය වෙනස් කළ විට එය පොළී අනුපාතයට සහ ආපසු ගෙවිය යුතු මුදලට කෙලෙස බලපාන්නේද යන්න ඔබට දැක බලා ගත හැක. තවද, එක් එක් පූර්වනිශ්චිත අවස්ථාවන් භාවිත කරමින් විශාල වගු කළමණාකරණය කිරීමට ද හැකියාව ඇත.

දත්ත සමුදා ශ්‍රිත

දත්ත සැකසීමට, ගබඩා කිරීමට සහ පෙරහන් කිරීමට පැතුරුම්පත් භාවිතා කරන්න.

LibreOffice Calc ඔබට LibreOffice Writer තුළ පෝරම ලිපි සැකසීම සඳහා දත්ත සමුදා වලින් වගු ඇද-අතහැරීමට ‍හෝ පැතුරුම්පතක් දත්ත මූලයක් ලෙස යොදා ගැනීමට පහසුකම් සලසයි.

සැකසෙන දත්ත

මූසික ක්ලික කීපයකින් පමණක් ඔබට පැතුරුම්පත තුල යම් දත්ත පරාස කීපයක් පෙන්වීමට හෝ සැඟවීමට ද, විශේෂ තත්ත්ව යටතේ පරාස වලට හැඩතල යෙදීමට ද, උප ඓක්‍යයන් හෝ ඓක්‍යයන් සැණින් ගණනය කිරීමටද හැකියාව ඇත.

ගතික ප්‍රස්තාර

LibreOffice Calc ඔබට දත්ත වල වෙනස්කම් සිදුකළ විට ස්වයංක්‍රීයව යාවත්කාලීන වන ගතික ප්‍රස්තාර ඉදිරිපත් කිරීමටද පහසුකම් සලසයි.

Microsoft ගොනු විවෘත කිරීම සහ සුරැකීම

Exel ගොනු පරිවර්තනය කිරීමට, විවෘත කිරීමට සහ වෙනත් හැඩතල වලින් සුරැකීමට LibreOffice පෙරහන් භාවිතා කරන්න.

Please support us!