සිද්ධි

තෝරාගත් පාලකයට හෝ සංවාදයට නියම කරන සිද්ධි අර්ථ දක්වන්න. ලබාගත හැකි සිද්ධි තෝරාගත් පාලක වර්ගය මත රඳයි.

When receiving focus

පාලකයට යොමුව ලැබුණු විට මෙම සිද්ධිය ක්‍රියාත්මක වේ.

When losing focus

පාලකයෙන් යොමුව ඉවත් වීමේ දී මෙම සිද්ධිය ක්‍රියාත්මක වේ.

Key pressed

පාලකයට යොමුව ලැබී තිබියදී පරිශීලකයා ඕනෑම යතුරක් තද කළහොත් මෙම සිද්ධිය ක්‍රියාත්මක වේ.

Key released

පාලකයට යොමුව ලැබී තිබියදී පරිශීලකයා ඕනෑම යතුරක් නිදහස් කළහොත් මෙම සිද්ධිය ක්‍රියාත්මක වේ

Modified

පාලකයෙන් යොමුව ඉවත් ව තිබියදී එහි අන්තර්ගතය වෙනස් කරන ලද්දේ නම් මෙම සිද්ධිය ක්‍රියාත්මක වේ.

Text modified

ආදාන කේෂත්‍රයක පෙළ වෙනස් කළහොත් හෝ ඊට පෙළ ඇතුළු කළහොත් මෙම සිද්ධිය ක්‍රියාත්මක ‍වේ.

Item status changed

පාලක කේෂත්‍රයේ තත්වය වෙනස් කළ විට (උදා: සලකුණු කළ සිට සළකුණු නොකළ දක්වා) මෙම සිද්ධිය ක්‍රියාත්මක වේ.

Mouse inside

මූසිකය පාලකය තුළට ගමන් ගත් විට මෙම සිද්ධිය ක්‍රියාත්මක වේ.

Mouse moved while key pressed

යතුරක් තද කර තිබියදී මූසිකය ඇදගෙන ගියේ නම් මෙම සිද්ධිය ක්‍රියාත්මක වේ.

Mouse moved

මූසිකය පාලකට මතින් චලනය වූ විට මෙම සිද්ධිය ක්‍රියාත්මක වේ.

Mouse button pressed

පාලකය මත තිබියදී මූසික බොත්තම තද කළහොත් මෙම සිද්ධිය ක්‍රියාත්මක වේ.

Mouse button released

මූසිකය පාලකය මත තිබියදී මූසික බොත්තම නිදහස් කළහොත් මෙම සිද්ධිය ක්‍රියාත්මක වේ.

Mouse outside

මූසිකය පාලකයෙන් ඉවත් වූ විට මෙම සිද්ධිය ක්‍රියාත්මක වේ.

While adjusting

ස්ක්‍රොල්බාරය ඇදීමේදී මෙම සිද්ධිය ක්‍රියාත්මක වේ.

Please support us!