සංවාද සංස්කාරකයේ පාලක වල පරිවර්තනය

Basic IDE සංවාද සංස්කාරකයේ භාෂා මෙවලම් තීරුව දේශියකරණය කල හැකි සංවාද සක්‍රිය කිරීමට අක්‍රිය කිරීමට පාලක පෙන්වයි.

පෙරනිමියෙන්, ඔබ තනන ඕනෑම සංවාදයක අඩංගු වෙන්නේ එක් භාෂාවක් සඳහා අනු ලකුණු වැල් සම්පත් පමණි. ඔබට පරිශීලකගේ භාෂා සිටුවම් වලට අනුකූලව දේශීයකරණය කල අනු ලකුණු වැල් ස්වයංව පෙන්වන සංවාද තැනීමට ඔබට අවශ්‍ය වනු ඇත.

දේශීයකරණය කල හැකි සංවාද සක්‍රිය කිරීමට

  1. Basic IDE සංවාද සංස්කාරකයේ දැක්ම - මෙවලම් තීරු - භාෂාව තේරීමෙන් භාෂා මෙවලම් තීරුව විවෘත කරන්න.

    වත්මන් පුස්තකාලයේ දැනටමත් දේශීයකරණය කල හැකි සංවාදයක් අඩංගු වේ නම්, භාෂා මෙවලම් තීරුව ස්වයංව පෙන්වනු ලබයි.

  2. Click the Manage Languages iconManage Language icon on the Language toolbar or on the Toolbox bar.

    ඔබ පරිශීලක අතුරු මුහුණත් භාෂා කළමනාකරණ සංවාදය දකී. සංවාදය වත්මන් පුස්තකාලය සඳහා භාෂා කළමනාකරණය කරයි. වත්මන් පුස්තකාලයේ නම මාතෘකා තීරුවේ පෙන්වනු ලබයි.

  3. භාෂා ප්‍රවේශයක් එක් කිරීමට සංවාදයේ එක් කරන්න ක්ලික් කරන්න.

    මෙම පියවර සෑම නව සංවාදයකම දේශියකරණය කල හැකි අනු ලකුණු වැල් සම්පත් අඩංගුවේමේ හැකියාව ලබා දෙයි.

  4. ඔබ එක් කරන්න ක්ලික් කරන පළමු වර, ඔබ පෙරනිමි පරිශීලක අතුරු මුහුණත් භාෂා පිහිටුවීම් සංවාදය දකී. ඔබ එක් කරන්න ක්ලික් කරන ඊළඟ අවස්ථාවල මෙම සංවාදයට පරිශීලක අතුරු මුහුණත් භාෂාව එක් කරන්න මාතෘකාව තිබේ.

    ඔබට පරිශීලක අතුරු මුහුණත් භාෂා කළමනාකරණය සංවාදයෙන්ස පෙරනිමි භාෂාව වෙනස් කල හැක.

  5. භාෂාවක් තෝරන්න.

    මෙය සංවාද ගුණාංග වලට සියළු අනු ලකුණු වැල් වල පරිවර්තනය කල වෙළුම් අඩංගු වීමට අනු ලකුණු සම්පත් එක් කරයි. පෙරනිමි භාෂාවේ සංවාද අනු ලකුණු වැල් කාණ්ඩය නව අනු ලකුණු වැල් කාණ්ඩයට පිටපත් කරනු ලබයි. පසුව ඔබට නව භාෂාවට මාරු වී අනු ලකුණු වැල් පරිවර්තනය කල හැක.

  6. සංවාදය වසන්න හෝ අමතර භාෂා එක් කරන්න.

ඔබගේ සංවාදයේ දේශියකරණය කල හැකි පාලක සංස්කරණය කිරීමට

ඔබ ඔබගේ සංවාද වල දේශීයකරණය කල හැකි අනු ලකුණු වැල් සඳහා සම්පත් එක් කල විට ඔබට භාෂා මෙවලම් තීරුවේ වත්මන් භාෂා ලැයිස්තු කොටුවෙන් වත්මන් භාෂාව තේරිය හැක.

  1. වත්මන් භාෂා ලැයිස්තු කොටුව පෙරනිමි භාෂාව ප්‍රදර්ශනය කිරීමට මාරු කරන්න.

  2. ඔබගේ සංවාදයට ඕනෑ තරම් පාලක ගණනක් එක් කර ඔබට අවශ්‍ය සියළු අනු ලකුණු වැල් ඇතුල් කරන්න.

  3. වත්මන් භාෂා ලැයිස්තු කොටුවේ වෙනත් භාෂාවක් තෝරන්න.

  4. පාලකයේ ගුණාංග සිංවාද භාවිතා කරමින් සියළු අනු ලකුණු වැල් අනෙක් භාෂාවට සංස්කරණය කරන්න.

  5. ඔබ එක් කල සියළු භාෂා සඳහා නැවත කරන්න.

ඔබ ඒ ඒ භාෂාවලින් වදන් පෙළවල් ලබාදුනහොත්, ඔබගේ සංවාද කොටුවේ භාවිතාකරු LibreOffice හි ඔහුගේ සංස්කරණයේ පරිශීලක අතුරුහමුහුණතේ බසින් වදන් පෙළවල් දකිනු ඇති.

කිසිම භාෂාවක් පරිශීලකගේ වෙළුමට ගැළපෙන්නේ නැත්නම් පරිශීලක පෙරනිමි භාෂා අනු ලකුණු වැල් දකිනු ඇත.

පරිශීලකට Basic සංවාද සඳහා දේශියකරණය කල හැකි අනු ලකුණු වැල් සම්පත් නොදන්නා LibreOfficeහි පැරණි වෙළුමක් තිබේ නම් පරිශීලක පෙරනිමි භාෂා අනු ලකුණු වැල් දකිනු ඇත.

Please support us!