සිද්ධි මඟින් දිවෙන මැක්‍රෝ

මෙම කොටස Basic වැඩසටහන් වැඩසටහන් සිද්ධි වලට පවරන්නේ කෙසේදැයි විස්තර කරයි.

අපේක්ෂිත මැක්‍රෝව සිද්ධියට පැවරීමෙන් විශේෂණය කල මෘදුකාංග සිද්ධියක් මතු වන විට ඔබට ස්වයංව මැක්‍රෝවක් ක්‍රියාත්මක කල හැක. පහත වගුව වැඩසටහන් සිද්ධි සහ කුමන අවස්ථාවේදී ආදේශ කල මැක්‍රෝවක් ක්‍රියාත්මක වේ දැයි දළ විශ්ලේෂණයක් සපයයි.

සිද්ධිය

පැවරූ මැක්‍රෝචක් ක්‍රියාත්මක කරන ලදි...

වැඩසටහන් ආරම්භය

...LibreOffice වැඩසටහනක් ආරම්භ කල පසු.

වැඩසටහන් අවසානය

...LibreOffice වැඩසටහනක් අවසන් කිරීමට පෙර.

ලේඛය තනන්න

...ගොනුව - නව හෝ නව අයිකනය සමඟ නව ලේඛයක් තැනූ පසු.

ලේඛය සුරකින්න

...ගොනුව - විවෘත කරන්න හෝ විවෘත කරන්න අයිකනය සමඟ ලේඛයක් විවෘත කල පසු.

ලේඛය මෙලෙස සුරකින්න

...ලේඛයක් විශේෂණය කල නමක් යටතේ සුරැකීමට පෙර (ලේඛ නාමයක් තවමත් විශේෂණය කර නැත්නම්, ගොනුව - ලෙස සුරකින්න, හෝ ගොනුව - සුරකින්න හෝ සුරකින්න අයිකනය සමඟ).

ලේඛය මෙලෙස සුරැකී ඇත

...ලේඛයක් විශේෂණය කල නමක් යටතේ සුරැකූ පසු (ලේඛ නාමයක් තවමත් විශේෂණය කර නැත්නම්, ගොනුව - ලෙස සුරකින්න, හෝ ගොනුව - සුරකින්න හෝ සුරකින්න අයිකනය සමඟ).

ලේඛය සුරකින්න

...ලේඛ නාමයක් දැනටමත් විශේෂණය කර ඇති විට ගොනුව - සුරකින්න හෝ සුරකින්න අයිකනය සමඟ ලේඛය සුරැකීමට පෙර.

ලේඛය සුරැකී ඇත

...ලේඛ නාමයක් දැනටමත් විශේෂණය කර ඇති විට ගොනුව - සුරකින්න හෝ සුරකින්න අයිකනය සමඟ ලේඛය සුරැකීමෙන් පසු.

ලේඛය වසමින් පවතී

...ලේඛයක් වැසීමට පෙර.

ලේඛය වසන ලදි

...ලේඛයක් වැසූ පසු. "ලේඛය සුරකින්න" සිද්ධිය ලේඛය වැසීමට පෙර සුරැකි විටද මතු විය හැකි බව සටහන් කර ගන්න.

ලේඛය සක්‍රිය කරන්න

...ලේඛයක් පෙරබිමට ගෙනා ආ පසු.

ලේඛය අක්‍රිය කරන්න

...තවත් ලේඛයක් පෙරබිමට ගෙනා ආ පසු.

ලේඛය මුද්‍රණය කරන්න

...මුද්‍රණය කරන්න සංවාදය වැසූ නමුත් නියම මුද්‍රණ ක්‍රියාවලිය ආරම්භ වීමට පෙර.

JavaScript ධාවනකාල දෝෂය

...JavaScript ධාවනකාල දෝෂයක් මතු වූ විට.

තැපැල් සංයෝජනය මුද්‍රණය කරන්න

...මුද්‍රණය කරන්න සංවාදය වැසූ නමුත් නියම මුද්‍රණ ක්‍රියාවලිය ආරම්භ වීමට පෙර. මෙම සිද්ධිය මුද්‍රණය කල සෑම පිටපතකටම මතු වේ.

පිටු ගණනේ වෙනස

...පිටු ගණන වෙනස් වූ විට.

පණිවිඩය ලැබුණි

...පණිවිඩයක් ලැබුණානම්


සිද්ධියකට මැක්‍රෝවක් පවරමින්

  1. මෙවලම් - රිසිකරණය කරන්න තෝරා සිද්ධි පටිත්ත ක්ලික් කරන්න.

  2. පැවරීම ගෝලීයව වලංගුද හෝ වත්මන් ලේඛය තුල පමණක් වලංගු වීමට ඔබට කැමතිද යන්න මෙහි සුරකින්න ලැයිස්තු කොටුවේ තෝරන්න.

  3. සිද්ධි ලැයිස්තුවෙන් සිද්ධිය තෝරන්න.

  4. තේරූ සිද්ධියට මැක්‍රෝව පැවරීමට මැක්‍රෝව ක්ලික් කර මැක්‍රෝව තෝරන්න.

  5. මැක්‍රෝව පැවරීමට හරි ක්ලික් කරන්න.

  6. සංවාදය වැසීමට හරි ක්ලික් කරන්න.

සිද්ධියකට මැක්‍රෝවක් පැවරීම ඉවත් කරමින්

  1. මෙවලම් - රිසිකරණය කරන්න තෝරා සිද්ධි පටිත්ත ක්ලික් කරන්න.

  2. මෙහි සුරකින්න ලැයිස් කොටුවේ අභිරුචි තේරීමෙන් ඔබට ඉවත් කිරීමට අවශ්‍ය ගෝලීය පැවරීමක්ද හෝ වත්මන් ලේඛයට පමණක් වලංගු පැවරීමක්දැයි තෝරන්න.

  3. සිද්ධි ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පැවරීම අඩංගු සිද්ධිය තෝරන්න.

  4. ඉවත් කරන්න ක්ලික් කරන්න.

  5. සංවාදය වැසීමට හරි ක්ලික් කරන්න.

Please support us!