Chr Function

විශේෂණය කල අනුලකුණු කේතයට අනුරූප අනුලකුණ ලබා දෙයි.

කාරක රීතිය:

Chr(ප්‍රකාශනය Integer ලෙස)

ආපසු ලබාදෙන අගය:

String

පරාමිතීන්:

ප්‍රකාශනය: වලංගු බිට් 8 ASCII අගයක් (0-255) හෝ බිට් 16 යුනිකේත අගයක් නිරූපනය කරන සංඛ්‍යාත්මක විචල්‍යය.

මුද්‍රණ යන්ත්‍රයකට හෝ වෙනත් ප්‍රතිදාන මූලයකට විශේෂ පාලන අනුක්‍රමණයක් යැවීමට Chr$ භාවිතා කරන්න. ඔබට එය අනු ලකුණු වැල් ප්‍රකාශනයකට උද්ධරණ ඇතුල් කිරීමටද භාවිතා කල හැක.

Error codes:

5 Invalid procedure call

උදාහරණය:

Sub ExampleChr

    REM මෙම උදාහරණය අනු ලකුණු වැලක උද්ධරණ ලකුණු ඇතුල් කරයි (ASCII අගය 34).

    MsgBox "A "+ Chr$(34)+"කෙටි" + Chr$(34)+" විනෝද චාරිකාව."

    REM මුද්‍රණ පිටපත සංවාදයක මෙලෙස පෙනෙයි: A "කෙටි" විනෝද චාරිකාවක්.

End Sub

ASC