Sin Function

කෝණයක සයිනය ආපසු ලබා දෙයි. කෝණය රේඩියන් වලින් විශේෂණය කර ඇත. ප්‍රතිඵලය -1 සහ 1 අතර වේ.

Using the angle Alpha, the Sin Function returns the ratio of the length of the opposite side of an angle to the length of the hypotenuse in a right-angled triangle.

Sin(ඇල්ෆා) = කෝණයට විරුද්ධ පැත්ත/කර්ණය

කාරක රීතිය:

Sin (අංකය)

ආපසු ලබාදෙන අගය:

Double

පරාමිතීන්:

අංකය: ඔබට සයිනය ගණනය කිරීමට අවශ්‍ය කෝණය රේඩියන් වලින් අර්ථ දක්වන සංඛ්‍යාත්මක ප්‍රකාශනය.

අංශක රේඩියන වලට පරිවර්තනය කිරීමට අංශක Pi/180ගෙන් ගුණ කරන්න සහ රේඩියන අංශක වලට පරිවර්තනය කිරීමට රේඩියන 180/Piගෙන් ගුණ කරන්න.

ග්‍රේඩය=(රේඩියන*180)/pi

රේඩියන=(ග්‍රේඩය*pi)/180

Pi ආසන්න වශයෙන් 3.141593 වේ.

Error codes:

5 Invalid procedure call

උදාහරණය:

REM මෙම උදාහරණයේ, සෘජු කෝණයක් සඳහා පහත ප්‍රවේශ භව්‍ය වේ:

REM කර්ණයේ දිග ගණනය කිරීමට කෝණයට විරුදධ පැත්තේ දිග සහ කෝණය (අංශක වලින්):

Sub ExampleSine

REM Pi = 3.1415926 is a predefined variable

Dim d1 As Double

Dim dAlpha As Double

    d1 = InputBox("විරුද්ධ පැත්තේ දිග ඇතුල් කරන්න","විරුද්ධ පැත්ත")

    dAlpha = InputBox("ඇල්ෆා කෝණය (අංශක වලින්) ඇතුල් කරන්න: ","ඇල්ෆා")

    Print "කර්ණයේ දිග"; (d1 / sin (dAlpha * Pi / 180))

End Sub