"+" Operator

ප්‍රකාශන දෙකක් එක් කරයි හෝ ඒකාබද්ධ කරයි.

කාරක රීතිය:

ප්‍රතිඵලය = ප්‍රකාශනය1 + ප්‍රකාශනය2

පරාමිතීන්:

ප්‍රතිඵලය: එකතුකිරීමේ ප්‍රතිඵලය අඩංගුවන ඕනෑම සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්.

ප්‍රකාශනය1, ප්‍රකාශනය2: ඔබට ඒකාබද්ධ කිරීමට හෝ එක් කිරීමට අවශ්‍ය ඕනෑම සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්.

උදාහරණය:

Sub ExampleAddition1

    Print 5 + 5

End Sub

 

Sub ExampleAddition2

Dim iValue1 As Integer

Dim iValue2 As Integer

    iValue1 = 5

    iValue2 = 10

    Print iValue1 + iValue2

End Sub