මූලිකාංග

මෙම අංශය LibreOffice Basic සමග වැඩ කිරීමට අවශ්‍යය මූලධර්ම සපයයි .

LibreOffice Basic කේතය sub...end sub සහ function...end functionඅංශ අතර නිරූපිත උප රූටින සහ ශ්‍රිත මූල වේ. එක් එක් උප හෝ ශ්‍රිත වලට වෙනත් උප හෝ ශ්‍රිත වලට ඇමතිය හැක. ඔබ උප හෝ ශ්‍රිතයක් සඳහා සාමාන්‍ය කේතයක් ලිවීමට සලකන්නේ නම්, බොහෝවිට ඔබට එය වෙනත් ක්‍රමලේඛයක නැවත භාවිතා කල හැක. මෙයත් බලන්න කාර්යය පටිපාටි සහ ශ්‍රිත.

Note Icon

Some restrictions apply for the names of your public variables, subs, and functions. You must not use the same name as one of the modules of the same library.


උප යනු කුමක්ද?

උප යනු උප රූටිනය හකුළුවා දැක්වීමකි, එය ක්‍රමලේඛයක් තුල නිශ්චිත කාර්යයක් හැසිරවීම සඳහා යොදාගැනේ. කාර්යයක් තනි කාර්යය පටිපාටි වලට වෙන් කිරීමට උප යොදා ගැනේ. ක්‍රමලේඛයක් කාර්යය පටිපාටි සහ උප කර්යය පටිපාටි වලට බෙදා වෙන් කිරීම එහි කියවීමේ පහසුව වැඩි කරන අතර වැරදීමේ හැකියාව අඩු කරයි. උපයක් බොහෝවිට ඇතැම් විතර්කයන් පරාමිති ලෙස ගත්තද කිසිදු අගයක් අමතන උප හෝ ශ්‍රිතය වෙත ආපසු දෙනු නො ලැබේ, උදාහරණයක් ලෙස:

DoSomethingWithTheValues(MyFirstValue,MySecondValue)

ශ්‍රිතයක් යනු කුමක්ද?

ශ්‍රිතය යනු ආපසු අගයක් ලබා දෙන අත්‍යවශ්‍ය උප යකි. ඔබ විචල්‍යයක් ප්‍රකශ කරනවිට දකුණු පසින්, හෝ ඔබ සාමන්‍යයෙන් අගයන් භාවිතා කරන අනෙකුත් ස්ථාන වල ශ්‍රිතයක් භාවිතා කල හැක, උදාහරණයක් ලෙස:

MySecondValue = myFunction(MyFirstValue)

ගෝලීය සහ දේශීය විචල්‍ය

ගෝලීය විචල්‍ය මොඩියුලය ඇතුලත ඇති සියළු උප සහ ශ්‍රිත සඳහා වලංගුවේ. ඒවා ප්‍රකාශ කර ඇත්තේ මොඩියුලයක් ආරම්භ කිරීමේදී පළමු උප හෝ ශ්‍රිතය ආරම්භයට පෙරයි

උප හෝ ශ්‍රිත ඇතුලත ඔබ ප්‍රකාශ කල විචල්‍ය වලංගුවන්නේ උප හෝ ශ්‍රිත තුලම පමණි. මෙම විචල්‍ය එම නමම ඇති ගෝලීය විචල්‍ය සහ විශිෂ්ට උප හෝ ශ්‍රිත වලින් එන එම නමම ඇති දේශීය විචල්‍ය අභිබවායයි.

ගොඩනගමින්

ඔබේ ක්‍රමලේඛය කාර්යය පටිපාටි සහ ශ්‍රිත වලට වෙන් කිරීමෙන් අනතුරුව (උප සහ ශ්‍රිත), ඔබට මෙම කාර්යය පටිපාටි සහ ශ්‍රිත ගොනු ලෙස නැවත වෙනත් ක්‍රමලේඛ වලහී භාවිතය සඳහා සු‍රැකීමට හැක. LibreOffice Basic උදව් මොඩියුල සහ පුස්තකාල. උප සහ ශ්‍රිත සෑමවිටම මොඩියුල තුල අඩංගු වේ. ඔබට මොඩියුල ගෝලීය හෝ ලේඛනයෙහි කොටසක් ලෙස ප්‍රකාශ කල හැක. මොඩියුල කිහිපයක් පුස්තකාලයක් ලෙස එක් කල හැක.

ඔබට උප, ශ්‍රිත, මොඩියුල සහ පුස්තකාල එක ගොනුවකින් තවත් ගොනුවකට පිටපත් කිරීම හෝ ගෙනයාමනියෝග එකලස සංවාද භාවිතයෙන් කල හැක.